පරාජය වූ එංගලන්ත සංචාරයේදී ශ‍්‍රී ලංකා
කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු
කල තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට
එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ 20
දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා සංචිතයේ
ස්ථානය අහිමිව තිබේ.
එංගලන්ත සංචාරයේ කණ්ඩායමේ උපනායකත්වය දැරූවද පිතිකරුවෙකු ලෙස කණ්ඩම්බි දක්‍ෂතා අතර නොවීම මීට හේතුව බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් එංගලන්ත සංචාරයේදී ස්ථානය අහිමි වූ චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවත සංචිතය කැඳවා තිබීම කැපී පෙනේ.
තරඟාවලියේ පළමු තරඟය අගොස්තු මස 06 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අරම්භ වේ. එය 20-20 තරඟයකි.
No comments:
Post a Comment