HotGossip9
Custom Search
විශ්ව විද්‍යාල හමුදා පාලනයට
මෙරට විශ්ව විද්‍යාල හමුදා පාලනයට නතු කිරීමේ උත්සහයක් කි‍්‍රයාත්මක වෙමින් ඇතැයි යළ රුහුණු සරසවි ආචාර්ය සිසු සේවක එකමුතුව පවසයි. ලබන 22 වැනිදා හමුදා සාමාජිකයන්ද සහභාගි වන ශ්‍රම දානයක් සංවිධාන කර ඇති බවත් එවැන්නක අවශ්‍යතාව ගැටළු සහගත බවද එම විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර ඊට විරෝධය පළ කරන බව එම විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා පවසයි.
දුමින්ද දැන් අකුරුත් ලියයි, දැනටමත් ‘අම්මා’ යයි ලියලා
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.
එසේම මන්ත්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.
මන්ත්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.
ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු කොළඔ හෙරොයින් ජාවාරමේ
ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු යොදාගෙන කොළඹ නරගය පුරා හෙරොයන් බෙදාහැරීම පිළිබඳ තොරතුරු වාර්තා වේ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතකු ඇසුරු කරන මින් එක් නිළියක් ඇමතිවරයාගේ බලයද පෙන්වමින් මෙසේ කටයුතු කරන බවට තොරතුරු වාර්තා වේ.
ඇය නර්තන ශිල්පිණියක් ලෙසද ජනප්‍රියත්වයට පත්ව ඇති බව කියැවෙන අතර කලාවට සම්බන්ධ ඇමතිවරයෙකු සමඟ සමීප සම්බන්ධයක් පවත්වන අනෙකි නිළීයද ඇමතිවරයාගේ නම විකුණමින් මෙම හෙරොයින් ජාවාරමේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ.
රාත්‍රී සමාජ ශාලා සඳහා යන මෙම නිළියන් ඒ ඔස්සේ දැනහැඳුනුම්කම් මත පත්වන සම්බන්ධතා ඇති අයට මෙසේ හෙරොයින් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වේ. මින් එක් නිළියක් එක් අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවකදී ඇමති පුතාගේ බලපෑමෙන් නිදහස් වූ බවට තොරතුරු වාර්තා වේ.
Ubuntu 11.10 beta නවතම සංස්කරනය නිකුත්වේ
පසුගියදා උබුන්ටුහි 11.10 හි පලමු බීටා සංස්කරනය නිකුත්කල බවට තොරතුරු වාර්තා වේ. ඔක්තෝබර් 13 වනවිට එහි අවසාන සංස්කරනය නිකුත්වීමට දැනට නියමිතව ඇති මෙම නිදහස් මෙහෙයුම් පද්දතියේ බීටා සංස්කරනය මෙම මස 22 නිකුත්වීමට නියමිතව තිබිණි.
මෙම සංස්කරනයත් සමග ඩි.වී.ඩි ඉමේජ් ගොනුවෙහි විශාලත්වයෙහි අඩුකිරීමක් දක්නට හැකි වන අතර එය ගිගා බයිට් 1.5 ක ප්රමානයකි.
මෙම අවප්රමාන වීම පෙර සංස්කරන වල වූ සියලුම උපාංගද සමග වීම වැදහත් වන අතර සීඩී ඉමේජ් ගොනුවද මේවරත් සුපුරුදු පරිදි නිකුත්වී තිබේ.
මෙම ලිපිනය ඔස්සේ නව උබුන්ටු බීටා සංස්කරනය ඔබටත් ලබා ගත හැකිය.
විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ කිරීම
ප්‍රමාණවත් පරිදි දේශණ ශාලා පහසුකම් නොමැතිවීම හේතුවෙන් මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ වර්ෂාර්ධ පරීක්ෂණය මිහින්තලය මහා විද්‍යාලයේ පැවැත්වෙන බව රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.විශ්ව විද්‍යාල ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන විභාගයක් වැනි කටයුත්තක් සුළුපටු ලෙස නොහැකි අතර මෙවැනි ක්‍රියා හේතුවෙන් විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ වන බවද එම සංගමය පවසයි.උපාධියට පරිබාහිරව වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමද අවම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව වන උපාධයද පහත් තත්වයකට ඇද වැටී ඇති බවත් එය සිසු ජීවිත අඳුරේ හෙලීමක් බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.
lankacnews
lankacnews
මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක්
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි.ඔහු ඒ බව සදහන් කළේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය."මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සතුටක්. මොකද ඔහු ඒ තරම් හොද පන්දු යවන්නෙකු නිසා. ඔහු ඔප්පු කරලා තියෙනවා ඕනෑම තරගයකට සුදුසුයි කියලා. ඇත්තටම ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු පන්දු යවන්නෙකු ලෙස කාලයක් දක්ෂතා දක්වා තිබෙනවා. ර්වර් ස්වින්ග් පන්දුව ඔහු ඉතාම හොඳින් යොමු කරනවා. එමෙන්ම ඔහුගේ මඳ වේග පන්දු සහ යෝකර් පන්දු වවත් ඉතා හොඳයි. මෙම තරගයේදි ඔහුට එරෙහිව නැගී සිටීම අපිට ඉතාම අපහසු වුණා". ලසිත් මාලිංගගේ අඩුව ටෙස්ට් තරග වාරයේදී කවුරුන් විසින් පුරාවිද යන්න සැක සහිතයි.බොහෝ විට චානක වෙලගෙදර හා සුරංග ලක්මාල් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.
පිල්ලෙයාන් සන්ධානයෙන් ඉවත් වෙයි
ආණ්ඩුවට සහාය දක්වන නැගෙනහිර මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ආණ්ඩුවෙන් ඉවත් වී රජයට අභියෝග කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. මේ සඳහා ආසියාවේ ප්‍රබල රටක ඔත්තු සේවාවක් එම දේශපාලන පක්ෂයට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින බවද සඳහන්ය.
මේ අතර නැගෙනහිර පළාත ප්රමුඛව රට තුල මතුවී තිබෙන ග්‍රීස් යක්කු සහ භූතයන් ඉදිරියේදී තමන්ගේ නැගිටීමත් සමඟ අවසන් වන බවට සඳහන් කරමින් ‘දෙමළ ඊළාම් කොටි සංවිධානය’ යනුවෙන් මුද්‍රණය කල පෝස්ටර් තොගයක් මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලින් හමු වී ඇතැයිද තොරතුරු ලැබේ.
පසුගිය සතියේ රැස්වූ නැගෙනහිර පළාත් සභාවේදීද පළාත් මහ ඇමතිවරයා ප්‍රකාශක් කරමින් සඳහන් කර ඇත්තේ දැනට නැගෙනහිර පළාතේ සිදු කරන ග්‍රීස් යකා පිළිබඳ මැවීමට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ සෘජු දායකත්වයක් ඇති බවත් රජය ඊට වග කිව යුතු බවත්ය.
‘‘නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක භූතයන් සහ ග්‍රීස් මිනිසුන් හරහා භීතිය ඇති කරලා තියෙන්නේ රජයෙන්. රජය මේක ඇති කරන්න රහසක් තියෙනවා. ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාවක් ගේන්න යනවා. පස්සේ හදිසි නීතිය තවදුරටත් තියාගන්න කරන වැඩක් මේක’’ යනුවෙන්ද ඔහු එහිදී පවසා තිබේ.
lankacnews
Subscribe to:
Posts (Atom)