songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

පිල්ලෙයාන් සන්ධානයෙන් ඉවත් වෙයි


ආණ්ඩුවට සහාය දක්වන නැගෙනහිර මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ආණ්ඩුවෙන් ඉවත් වී රජයට අභියෝග කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. මේ සඳහා ආසියාවේ ප‍්‍රබල රටක ඔත්තු සේවාවක් එම දේශපාලන පක්‍ෂයට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින බවද සඳහන්ය.
මේ අතර නැගෙනහිර පළාත ප‍්‍රමුඛව රට තුල මතුවී තිබෙන ග‍්‍රීස් යක්කු සහ භූතයන් ඉදිරියේදී තමන්ගේ නැගිටීමත් සමඟ අවසන් වන බවට සඳහන් කරමින් ‘දෙමළ ඊළාම් කොටි සංවිධානය’ යනුවෙන් මුද්‍රණය කල පෝස්ටර් තොගයක් මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවලින් හමු වී ඇතැයිද තොරතුරු ලැබේ.
පසුගිය සතියේ රැස්වූ නැගෙනහිර පළාත් සභාවේදීද පළාත් මහ ඇමතිවරයා ප‍්‍රකාශක් කරමින් සඳහන් කර ඇත්තේ දැනට නැගෙනහිර පළාතේ  සිදු කරන ග‍්‍රීස් යකා පිළිබඳ මැවීමට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ සෘජු දායකත්වයක් ඇති බවත් රජය ඊට වග කිව යුතු බවත්ය.
‘‘නැගෙනහිර පළාතේ ක‍්‍රියාත්මක භූතයන් සහ ග‍්‍රීස් මිනිසුන් හරහා භීතිය ඇති කරලා තියෙන්නේ රජයෙන්. රජය මේක ඇති කරන්න රහසක් තියෙනවා. ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාවක් ගේන්න යනවා.  පස්සේ හදිසි නීතිය තවදුරටත් තියාගන්න කරන වැඩක් මේක’’ යනුවෙන්ද ඔහු එහිදී පවසා තිබේ.


lankacnews