songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label අරගලය පාවාදුන්නැයි සරසවි ඇදුරන් අතර මත ගැටුම් උග්‍රවෙයි. Show all posts
Showing posts with label අරගලය පාවාදුන්නැයි සරසවි ඇදුරන් අතර මත ගැටුම් උග්‍රවෙයි. Show all posts

අරගලය පාවාදුන්නැයි සරසවි ඇදුරන් අතර මත ගැටුම් උග්‍රවෙයි


වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුව සමග අන්තර්කාලීන විසඳුමකට එකඟ වීම පිළිබඳව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකත්වය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.
සම්මේලනයේ නියෝජිතයන් වැටුප් අරගලය පාවා දුන් බවට ඇතැම් සාමාජිකයන් චෝදනා කිරීමට පටන් ගෙන ඇති අතර ජයග්‍රාහී ලෙස විසඳාගත හැකිව තිබූ ප්‍රශ්නයක්‌ මෙම එකඟතාව මත බිඳ වැටී ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.
ආණ්‌ඩුවේ පොරොන්දු ක්‍රියාවට නංවන කාලරාමුවක්‌ පිළිබඳ එකඟතාවක්‌ ඇති කර නොගැනීමද සම්මේලනයට එල්ල වී ඇති තවත් චෝදනාවක්‌ වන අතර පසුගිය 21 වැනිදා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සමග පැවැති සාකච්ඡාවේ එකඟතා කිසිවක්‌ මෙතෙක්‌ ක්‍රියාත්මක වී නැත. ආචාර්යවරුන් අංශ ප්‍රධානී තනතුරුවලින් ඉවත් වීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කරන බව ලේකම්වරයා ලිතව දුන් පොරොන්දුව ද ඊයේ වන විටත් ඉටු කර නොතිබිණි.
                                                                             තව කියවන්න (පින්තුර )>>>>