songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label දැනටමත් ‘අම්මා’ යයි ලියලා. Show all posts
Showing posts with label දැනටමත් ‘අම්මා’ යයි ලියලා. Show all posts

දුමින්ද දැන් අකුරුත් ලියයි, දැනටමත් ‘අම්මා’ යයි ලියලා


දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.
එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.
මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.

Lankacnews