Custom Search
Showing posts with label ප‍්‍රමෝද්‍යගේ වේග පන්දුවලට සෝමාවතිය දැවී යයි. Show all posts
Showing posts with label ප‍්‍රමෝද්‍යගේ වේග පන්දුවලට සෝමාවතිය දැවී යයි. Show all posts
මුරලිගේ දඟපන්දුවලට, ප‍්‍රමෝද්‍යගේ වේග පන්දුවලට සෝමාවතිය දැවී යයි
මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ, වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුව ප‍්‍රදේශයේ මේ මහා පරිමාණ වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු වේ. බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන හය සිය දෙනකු ගේ පමණ ශ‍්‍රම දායකත්වයෙන් මේ වනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිට මහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලූ, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ‍්‍රිත වනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මෙලෙස මහා පරිමාණයෙන් විනාශ කරනු ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෙස්ට් ලේක් විලේජ්හි පිහිටි ‘ඩෝල්’ නම් මහා පරිමාණ බහු ජාතික සමාගමේ ලංකාවේ හවුල්කාර සමාගම වන ”ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන් වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකු වන ප‍්‍රමෝදය වික‍්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ යුද හමුදාවෙනි.
තව කියවන්න(පින්තුර)>>>>
Subscribe to:
Posts (Atom)
