කොළඹ මහජන පුස්තකාලයට දෛනිකව අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ කිරි පැකැට්ටුවක් ලබාදීමට කොළඹ මහ
නගර සභාව තීරණය කර තිබේ.
දෛනිකව කොළඹ මහජන පුස්තකාලයට සිසුන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් සිය පාඩම් කටයුතු
සඳහා පැමිණෙන බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා ප්‍රකාශ කළේය. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඈත පළාත්වල සිට ද පැමිණෙන බැවින් ඔවුන්ට දෛනිකව නොමිලේ කිරිපැකැට්ටුවක් ලබාදීමට තීරණය කර ඇති බව කාමිල් මහතා සඳහන් කළේය. ඒ සඳහා පෞද්ගලික කිරි නිෂ්පාදන ආයතන කිහිපයක
සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව කොළඹ මහනගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා පැවසුවේය.
-adaderana