Custom Search
Windows 7 ජය ගනී.
තවත් දින 1000 අඩු කාලයක් තුලදී තම ආයතනය එය සදහා නිකුත් කරන යාවත්කාලීනයන් නිකුත් නොකරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය Windows XP භාවිතා කරනන්හට අනතුරු අගවා සිටියි. 2014.04.08 දිනෙන් පසුව එක්ස්.පී. මෙහෙයුම් පද්දතිය අත්හැර දමනු ලැබූ මෙහෙයුම් පද්ධතියක් වන අතර හානිකර මෘදුකාංග වලට ගොදුරුවීමේ අනතුර ඉදිරියේ සම්පූර්නයෙන් නිරාවරනයවන බවත් පවසා සිටටී.
ලෝකයපුරා පරිගණක මිලියන ගනනකට සාර්තක ලෙස සේවාය සැපයු මෙම මෙහෙයුම් පද්ධතිය සදහා Windows 7 විකල්පය සාර්තක වනු ඇති බවට ඔවුන් යෝජනා කරයි. මේ වනවිට ලොකය පුරා පරිගණකවලින් 51% එක්ස්.පී. භාවිතා වන අතර Windows 7 27%ක භාවිතා වන බව සටහන් වේ. පවතින දත්තමත කරන ගනනයන් වලින් 2012 මැදභාගය ආසන්න වනවිට Windows 7 වල භාවිත ප්‍රතිශතය එක්ස්.පී. ඉක්මවා යනු ඇති බවද ඔවුන් පවසයි.
මුරලිගේ දඟපන්දුවලට, ප‍්‍රමෝද්‍යගේ වේග පන්දුවලට සෝමාවතිය දැවී යයි
මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ, වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුව ප‍්‍රදේශයේ මේ මහා පරිමාණ වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු වේ. බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන හය සිය දෙනකු ගේ පමණ ශ‍්‍රම දායකත්වයෙන් මේ වනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිට මහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලූ, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ‍්‍රිත වනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මෙලෙස මහා පරිමාණයෙන් විනාශ කරනු ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෙස්ට් ලේක් විලේජ්හි පිහිටි ‘ඩෝල්’ නම් මහා පරිමාණ බහු ජාතික සමාගමේ ලංකාවේ හවුල්කාර සමාගම වන ”ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන් වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකු වන ප‍්‍රමෝදය වික‍්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ යුද හමුදාවෙනි.
තව කියවන්න(පින්තුර)>>>>
කුමාර සංගක්කාරත් දේශපාලනයට
ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයකුවන කුමාර සංගක්කාරත් දේශපාලනයට පිවිසෙන බවට පසුගිය දිනවල කට කතා පැතිරුණා.ඔහු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින බවට රාවය පැතිරී ගියත් මේ ආකාරයෙන්ම වයඹ පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් මහේල ජයවර්ධන තරග වදින බවට මිට වසර කීපයකට පෙර රාවයක් පැතිරී ගියා.මෙහි ඇත්ත නැත්ත තව දවස් දෙකක් තුනක් ඇතුලත දැනගන්නට හැකිවේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තරග කර පරාජයට පත් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කර තිබෙනවා. කුමාර සංගක්කාරත් දේශපාලනය ලගදීම එක්වෙයයි බොහෝදෙනාගේ මතය වී ඇත.
ජෙට් ලී + කොයිරාල ලංකාවට
අන්තර් ජාතික බෞද්ධ චිත්‍රපට උළෙල මෙම මස 18 සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.එය පැවැත්වීම ලංකාවට මහත් ගෞරවයකි. ඒ වෙනුවෙන් අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් බෞද්ධයන් රැසක් ලංකාවට පැමිණීමට නියමතයි.ඒ සදහා හොලිවුඩ් සටන් නළු ජෙට් ලී හා බොලිවුඩ් නිලි මනිෂා කොයිරාල සහභාගී වේ.මනිෂා කොයිරාල දැනටමත් ලංකාවට පැමිණ ඇති අතර අරලිය ගහ මන්දිරයේ පවතී දන්සලකටද ඇය සහභාගී වුවාය.
ලන්ඩනයේ කොටි බස්
කලින් 138 බස් ගැන කතා කලා පමණි.දැන් ලන්ඩන් කොටි බස්.එල්.ට්.ට්.ඊ සංවිධානය එංගලන්තයේ තහනම් කලත් තවමත් එසේ සිදුවී නැති බවට කදිම උදාහරණයක් අද වාර්තාවේ .එංගලන්තයේ පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩ පිරිසක් විසින් පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසලක බස් රියක රුපයක් මෙහි දැක්වේ.මෙම බස් රථයේ L77E UK නමැති ලියාපදිංචි අංකයයි.එය බැලු බැල්මට පෙනෙනුයේ LTTE UK ලෙසයි.එලෙසම ලංකා සිතියමද කොටි සලකුනද මෙහි ඇතුලත් වේ.
138 මාර්ගයටත් සුඛෝපභෝගී බස්
මොරටුව කොලඹ 100 බස් මාර්ගයේ ක්‍රියාත්මක වූ සුඛෝපභෝගී බුස් සේවාව දැන් කොට්ටාව සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. හෙට සිට මෙම බස් සේවය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්වේ. කොළඹ ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම සුඛෝපභෝගී බස් සේවය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සාර්ථකථත්වය හේතුවෙන් කොට්ටාව සිට කොළඹ දක්වා මෙම බස් සේවය ආරම්භ කරන බව ලංකා ගමන් ගමන මණ්ඩලය සඳහන් කරයි. නමුත් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 2 ය කරෙනු ඇත. ඉතා ඉහල පහසුකම් වලින් යුක්ත මෙම බස් රථය ඉදිරි කාලයේ දී තවත් මාර් 3ක මෙම සුඛෝපභෝගී බස් සේවය ක්‍රියාත්මක කරන බව ද සඳහන්වේ.
කොළඹට කිරි
කොළඹ මහජන පුස්තකාලයට දෛනිකව අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ කිරි පැකැට්ටුවක් ලබාදීමට කොළඹ මහ
නගර සභාව තීරණය කර තිබේ.
දෛනිකව කොළඹ මහජන පුස්තකාලයට සිසුන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් සිය පාඩම් කටයුතු
සඳහා පැමිණෙන බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා ප්‍රකාශ කළේය. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඈත පළාත්වල සිට ද පැමිණෙන බැවින් ඔවුන්ට දෛනිකව නොමිලේ කිරිපැකැට්ටුවක් ලබාදීමට තීරණය කර ඇති බව කාමිල් මහතා සඳහන් කළේය. ඒ සඳහා පෞද්ගලික කිරි නිෂ්පාදන ආයතන කිහිපයක
සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව කොළඹ මහනගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා පැවසුවේය.
-adaderana
නගර සභාව තීරණය කර තිබේ.
දෛනිකව කොළඹ මහජන පුස්තකාලයට සිසුන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් සිය පාඩම් කටයුතු
සඳහා පැමිණෙන බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා ප්‍රකාශ කළේය. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඈත පළාත්වල සිට ද පැමිණෙන බැවින් ඔවුන්ට දෛනිකව නොමිලේ කිරිපැකැට්ටුවක් ලබාදීමට තීරණය කර ඇති බව කාමිල් මහතා සඳහන් කළේය. ඒ සඳහා පෞද්ගලික කිරි නිෂ්පාදන ආයතන කිහිපයක
සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව කොළඹ මහනගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා පැවසුවේය.
-adaderana
අරගලය පාවාදුන්නැයි සරසවි ඇදුරන් අතර මත ගැටුම් උග්‍රවෙයි
වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුව සමග අන්තර්කාලීන විසඳුමකට එකඟ වීම පිළිබඳව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකත්වය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
සම්මේලනයේ නියෝජිතයන් වැටුප් අරගලය පාවා දුන් බවට ඇතැම් සාමාජිකයන් චෝදනා කිරීමට පටන් ගෙන ඇති අතර ජයග්‍රාහී ලෙස විසඳාගත හැකිව තිබූ ප්‍රශ්නයක් මෙම එකඟතාව මත බිඳ වැටී ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.
ආණ්‌ඩුවේ පොරොන්දු ක්‍රියාවට නංවන කාලරාමුවක් පිළිබඳ එකඟතාවක් ඇති කර නොගැනීමද සම්මේලනයට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන අතර පසුගිය 21 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සමග පැවැති සාකච්ඡාවේ එකඟතා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. ආචාර්යවරුන් අංශ ප්‍රධානී තනතුරුවලින් ඉවත් වීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ අංක 956 දරන චක්‍රලේඛය ඉවත් කරන බව ලේකම්වරයා ලිතව දුන් පොරොන්දුව ද ඊයේ වන විටත් ඉටු කර නොතිබිණි.
Subscribe to:
Posts (Atom)







